නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක්


ශ්‍රී ලංකාවට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මෙසේ පත්කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

මෙම කමිටුවට අවශ්‍ය අරමුදල් වෙන් කළ බවත් ඒ අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කිරීමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කල් ගතවීම හේතුවෙන් කෙටිකාලීනව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



Recommended Articles