නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට පත්වීම්


නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එසේ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබාගත් අය හා ඔවුන් ඊට පෙර දරණ ලද තනතුරු පහත පරිදි වෙයි

  1. ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා  -  දිසා විනිසුරු
  2. සී. මීගොඩ මහත්මිය - දිසා විනිසුරු
  3. ඒ.අයි.කේ. රණවීර මෙනවිය -දිසා විනිසුරු
  4. කේ.එස්.එල්. ජයරත්න මෙනවිය  -ප්‍රධාන මහේස්ත්‍රාත්
  5. ආර්.එස්.ඒ.දිසානායක මහතා  -   මහේස්ත්‍රාත්
  6. ඩබ්ලිව්.එම්.එම්. තල්ගොඩපිටිය මහතා   - දිසා විනිසුරු
  7. ඩී.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය - දිසා විනිසුරු
  8. එච්.එස්. පොන්නම්පෙරුම මහතා   - දිසා විනිසුරු
  9. එස්.අයි. කාලිංගවන්ස මෙනවිය - අතිරේක දිසා විනිසුරු
  10. ඩී.ඒ.ආර්. පතිරණ මහතා  - මහේස්ත්‍රාත්
  11. එන්.ටී. වික්‍රමසේකර මිය -   රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ
  12. ඒ.ජී.යූ.එස්.එන්.කේ. සෙනෙවිරත්න මිය-  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

 



Recommended Articles