නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල්  අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.



Recommended Articles