නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් වෙයි


නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර ඇ​ත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද දරයි.

මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතායි.



Recommended Articles