නව නාවික හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි


නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (04දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යංශයේදී හමුවිය.

ඒ මහතා නව ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව නිල වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවූ අවස්ථාව මෙය වූ අතර, එහිදී  ඔවුහු සමරු තිලිණ හුවමාරු කරගත්හ.

ඩික්සන් වසන්ත



Recommended Articles