නව තානාපතිවරු 7ක් සහ මහ කොමසාරිස්වරයෙක් පත්වෙති


නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර අද (11දා) ජනාධිපති කාර්යාලයේ දී බාර දුන්හ. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ, භූතාන තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල් , පැරගුවා තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ,  ලක්ෂම්බර්ග් රාජ්‍යයේ තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන්, රුසියා තානාපති ලෙස ලෙවාන් Zගාරියන්, ඕමාන තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි , ප්‍රංශ තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ සහ ඝානා රාජ්‍යයේ මහ කොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.



Recommended Articles