නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශයට අද (23දා) ව්‍යස්ථාදයක සභාවේ අනුමතිය හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පස්වරුවේ එහි සභාපති,  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදි මෙම අනුමතිය හිමිව ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ 49 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත්වීමට නියමිතව ඇත.



Recommended Articles