නව අගවිනිසුරු සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කිරීම ජනපති විසින් සිදුකරන ලද බව අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම මස 25 සිට විශ්‍රාම ගැනීමට නියමිත වීමත් සමග මෙම තීරණයට එළඹී ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අධිකරණ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ නීතිඥයෙක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක් ලෙස කාලයක් තිස්සේ කටයුතු කිරීම යන සියලු කරුණු සළකා බලා ජනාධිපතිවරයා මේ නම ඉදිරිපත් කර ඇති බවයි.