නන්දන ගුණතිලක සමුගනියි


හිටපු අමාත්‍යවරයෙක් වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම රාගම රෝහලේදී තම දිවි ගමන නිමා කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසුවිය.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයකු වූ ඒ මහතා පසුව ඉන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක් විය. 

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමට එරෙහි යෝජනාවට ඒ මහතා තදින්ම විරුද්ධ වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළකළ අදහසක් සමාජයේ දැඩි කථා බහට ලක්විය.



Recommended Articles