නත්තල් පුජා භාණ්ඩ අතර ටී.56 ජීවි උණ්ඩ දෙකක්


නත්තල දේව මෙහෙය  වෙනුවෙන් 24 රාත්‍රියේ හලාවත මාදම්පේ මීසමේ කතෝලික දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ අතර ටී.56 ජීවි උණ්ඩ දෙකක් තිබි හමුව ඇති බව මාදම්පෙ පොලිසිය කියයි.

අදාල ටී 56 ජීව උණ්ඩ දෙක සුදු පැහැති බෑගයක් තුලට දමා තිබු කළු පැහැති කුඩා පෙට්ටියක තිබියදී හමුවු බව එම දේව මෙහෙයන් සදහා එක්වු මාදම්පේ මීසම් පාලක ජූඩ් ඩයස් පියතුමා පවසයි.

මාදම්පේ මීසමේ නත්තල් දේව මෙහෙයන් සදහා එක්ව සිටි මීසම් පාලක පියතුමන් දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ රැගෙන විත් 25 දින පරික්ෂා කිරීමේදි කළු පැහැති පෙට්ටියක් තුල මෙම ජීව උණ්ඩ දෙක බහා තිබු බව පවසයි.

 

ඡායාරූප- පුත්තලම හිරාන් ප්‍රියංකර 



Recommended Articles