නත්තල් දිනයේදි බන්ධනාගාර රැදවියන් බැලිම තහනම් කෙරේ


බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට, මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් නත්තල් දිනයේදී ඥාතීන්ට රැඳවියන් හමුවී තෑගී බෝග සහ කෑම බීම ලබාදීමට අවස්ථාව හිමිවේ.

නමුත් රට තුළ පැතිරගොස් ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර එම අවස්ථාව මෙවර ලබාදිය නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.  

 



Recommended Articles