නත්තල් දවසේ මත්පැන් තහනම ඉවත් කරන්න ඉල්ලයි


සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ගිමන්හල්/හෝටල් වෙත නත්තල් දිනයේදී මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය කියයි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙසේ නත්තල් දිනයේදී මත්පැන් අලෙවියට අවසර ඉල්ලා ඇති අතර සාමාන්‍යයෙන් නත්තල් දිනයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබේ.

මේ සඳහා ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමුකර ඇති මුදල් අමාත්‍යාංශයේ තීරණය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. 



Recommended Articles