නඩු ප්‍රමාද වීම වළක්වන්න


නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය - කලින් හෙබ වූ පදවිය

01. ඒ.ජී. අළුත්ගේ මහතා  -  දිසා විනිසුරු

02. ආර්.ආර්.ජේ.යු.ටී.කේ. රාජකරුණා මහතා  - දිසා විනිසුරු

03. ආර්.ඒ.ඩී.යු.එන්. රණතුංග මහතා - මහේස්ත්‍රාත්

04. ටී.එම්.සී.එස්. ගුණසේකර මහතා   - දිසා විනිසුරු

05. එම්. ප්‍රභාත්රණසිංහ මහතා   -  දිසා විනිසුරු

06. ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා - ප්‍රධාන මහේස්ත්‍රාත්

07. ආර්. වැලිවත්ත මහතා - දිසා විනිසුරු

08. ජී.එල්. ප්‍රියන්ත මහතා - මහේස්ත්‍රාත්

09. ඒ. නිශාන්ත පීරිස් මහතා  - දිසා විනිසුරු

10. එස්.එම්.ඒ.එස්. මංචනායක මහතා -  දිසා විනිසුරු

11. එල්.චමත් මදනායක මහතා -  දිසා විනිසුරු

12. වී.එම්. වීරසූරිය මහතා- රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

13. එච්.ඒ.ඩී.එන්. හේවාවසම් මහතා  -  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් ව නව මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ. අධිකරණයේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමත්  තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා විනිසුරුවරුන් සමග සඳහන් කළේය.



Recommended Articles