නඩු තුනකට අදාළව චූදිතයන් 4ක් පෝරකයට


මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑලිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු තුනකට අදාළ විත්තකරුවන්ට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා විසින් (02) දින මරණ දඩුවම නියම කරනු ලැබීය.

1998 නානුඔය පොලිස් වසමේ වසරේ දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකුව ලිදුල මෙරායා වත්තේදි ඝාතනය කිරිම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය. මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබූවේ, පොන්නම්බලම් සදීෂ් නැමති 47 හැවිරිදි චුදිතටයි.

2009 වසරේ පට්ටිපොළ පොලිස් වසමේ තම මව, බිරිද සහ දරුවා ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වූ ආර්.එම්.චන්ද්‍රතිලක නැමති 55 හැවිරිදි චූදිතයාට මරණ දඩුවම නියම කරනු ලැබීය.

මෙම නඩු දෙකම නානුඔය පොලිසියේ පො.සැ.සුරංග (67946) නිළධාරියා මෙම නඩුව පවත්වාගෙන යන ලදී.

1990 වසරේ බගවන්තලාව පොලිස් වසමේ මොහොම්මඩ් සුමන් නැමති පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරිම සම්බන්ධයෙන් වැරදිකරු වූ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචි 64 හැවිරිදි වීරරත්න සහ 62 හැවිරිදි කරුප්පයියා අන්නදොරෙයි නැමති චූදිතයන් දෙදෙනෙකුට මරණ දඩුවම නියම කරනු ලැබීය.


Recommended Articles