ධීවර කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලා වඳින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසයි.
ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරකසභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ධීවර අමාත්‍යංශය ගැන කතා කරනකොට කලකිරීමක් වේදනාවක් දැනෙන බවද වර්තමානයේ ධීවර අමාත්‍යාංශය විනාශ වෙමින් ධීවරයා අනාථ වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
ධීවර කර්මාන්තය කඩා වැටීමට ඉන්ධන ගැටලුව ප්‍රධාන සාධකයක් වී තිබෙන බවද ඔහු පවසයි.