ධීවරයින් පාර වසා විරෝධයේ


කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය කුඩාවැල්ල මංසන්ධිය සම්පූර්ණයෙන් අවහිර කරමින් ධීවරයන් පිරිසක් අද (19දා) විරෝධතාවක නිරත වූහ.

දිනෙන් දින වැඩිවන තෙල් මිල සහ බඩු මිලට විරෝධය දක්වමින් මෙලෙස ධීවරයෝ විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවෝ තංගල්ල කුඩාවැල්ල මංසන්ධිය අසලදී කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කළහ.

මාර්ගය අයිනේ තිබූ පොලිස් මාර්ග බාධක කිහිපයක් ගෙන ඒවා ප්‍රධාන මාර්ගය මැද තබා විරෝධතාවයේ නිරත වූහ. ප්‍රධාන මාර්ගය මැද ටයර් පුළුස්සමින් ඔවුහු සිය විරෝධය දැක්වූහ. මේ සඳහා කුඩාවැල්ල ධීවර ගම්මානයේ ධීවරයන් පිරිසක් එක්ව සිටියහ.

අනීෂා මානගේ



Recommended Articles