ශ්‍රී ලංකා ධීවර වරාය නීති ගත සංස්ථාවට රුපියක් කෝටි 198 වියදම් කර ආකරය 2022 වර්ෂය සහ 2023 යන වර්ෂ දෙකට අදාලව ලිඛීත සාක්ෂි මේ දක්වා ලැබී නොමැති බව ජාතික විගණන වාර්ථාවකින් ( 06/29 ) දින නිකුත් කරන ලද නවතම විගණන වාර්ථාවකින් අනාවරණය වේ.
මේ අතර විවිධ ව්‍යාපෘ ති 10ක් සදහා ග්‍රී ලංකා ධීවර වරාය නීති ගත සංස්ථාවට ලද විදේශ ආධාර රුපියල් කෝටි 92 අධික ශේෂයක්ද ඇති බව විගණනය සදහන් කරයි. මීට අමතරව සුනාමියෙන් හානි වූ වත්කම් සදහා ලද ප්‍රතිපාදන කෝටි 96 කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් 2022 සහ 2023 වර්ෂ වල කටයුතු කර ආකාරය පිළිබදවද කිසිදු ලිඛීත සාක්ෂියක් නැති බවද, එම විගනණ වාර්ථාවෙන් අණාවරනය වේ.
රදවා ගැනීමේ බදු ලෙස අය කර ගත යුතු රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් කපා හැර ඇති බවද එය කපා හැරී ඇති බව ලිඛිතව දන්වා නැති බවද විගනණය අණාවරනය කර නැත.
ඇමරිකා සහ කැනඩා ආධාර ලෙස ජයිකා ව්‍යාපෘතිය යටතේ රුපියල් 1,99,92,903 ක් ය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රධාන ලෙස ලැබූ රුපියල් 1,95,86,597 ක්ද , සීඩා ආධාර යටතේ ලද රුපියල් 75,30,02,137 ක් ද, ආසියනු සංවර්ධන බැංකුවෙන් ලද රුපියල් 4,47,0546 මෙලෙස 2022 සහ 2023 වර්ෂ වල වියදම් කර ආකාරය සම්බන්ධයෙන් කිසිදු ලිඛිත සාක්ෂියක්ක් නොමැති බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ.
එම වර්ෂ දෙකේ ගිණුම් වල ඉදිරියට රැගෙන ඇවිත් ඇති බවට සදහන් වේ.මෙම තොරතුරු අනාවරණය වනුයේ ග්‍රී ලංකා වරාය නීති ගත සංස්ථාව සම්බන්දයෙන් 2024 වසරට අදාලව නිකුත් කරන ලද විගණන වාර්ථාවකින් ය.