ධීවර යාත්‍රාවේ රු කෝටි 301ක කුඩු


ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්  ධීවර බෝට්ටුවේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 301ක් සොයාගත් බව නාවික හමුදාව කියයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් බිලියන 3 ඉක්මවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන ජාතිකයන් පස් දෙනකු ද සිටින බව  නාවික හමුදාව පවසයි.

ධීවර යාත්‍රාව කොළඹට ගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.



Recommended Articles