ධිවර හා නාවුක ප්‍රජාවට අනතුරු ඇඟවිමක්


තද සුළං රළු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙට පෙ.ව 7 දක්වා වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මන්නාරම සිට කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි.

බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60ක් 70ක් පමණ දක්වා වැඩි විය හැති බවයි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.



Recommended Articles