ධිවර හා නාවික ප්‍රජාවට දැනුම් දිමක්


ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශය මැයි 23 වන දින අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මැයි 21 වන දින සිට නැවත දැනුම්දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද අවවාද කරයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන්වා ගත යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



Recommended Articles