ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණයට හේතුව හෙළිවෙයි


බදුල්ල ඌව  විද්‍යාලය හා ධර්මදූත විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුමේ දෙවන දිනයේ තරගය ඉකුත් 01 වනදා  බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී  එම ක්‍රීඩාංගණයට නුදුරින් පිහිටි කසල අංගන පිටියේ  සෆාරි ජීප්රථයක් අනතුරට ලක්වීමේ ජීවිතක්ෂයට පත්වූ බදුල්ල ධර්මදූත විදුහලේ සිසුන්ගේ දෙදෙනාගේ  පශ්චාත් මරණ පරික්ෂණ බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.කේ.බී. විජේතුංග මහතා විසින් 02 දා සිදුකර තිබේ.  

බදුල්ල පදිංචිව සිටි රවිදු දුලක්ෂණගේ මරණයට හේතුව මොළයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට, පපුව සහ උරස්කුහයට සිදුවූ  බරපතල තුවාල බවත් හාලිඇල නව නිවාස සංකිර්ණයේ පදිංචිව සිටි  හරේන්ද්‍ර රුකමාල් ගේ මරණය හේතුව හිසට සිදුවූ බරපතල තුවාල  බවත් එම පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්ව තිබේ.

 



Recommended Articles