ධම්මික පෙරේරාගෙන් මිලියන 100ක පරිත්‍යාගයක්


මඩකලපුව, යාපනය, නුවරඑළිය, රත්නපුර ඇතුළු නගර පහක නව ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල විවෘත කිරීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවැසීය.

මෙම කාර්යාල පහ වෙනුවෙන් අවශ්‍ය උපකරණ තොගයක් ඇති බවත් ඉතිරි වැඩ කටයුතු වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කරන බවත් ඔහු පැවැසීය.

එසේම එළැඹෙන සඳුදා සිට කුරුණෑගලින්ද එක්දින සේවාව ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.



Recommended Articles