ධම්මික පෙරේරා විපක්ෂය පැත්තෙන් අසුන් ගනියි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විපක්ෂය පැත්තෙන් අසුනක් හිමිවිය. ආණ්ඩු පක්ෂයේ ආසන මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඇති හෙයින් දැනට ආණ්ඩුවේම පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂය පැත්තේ අසුන් ගන්වා තිබේ.

මේ අනුව ධම්මික පෙරේරා මහතාද පසුපෙල මන්ත්‍රීවරයෙක් ලෙස අසුන් ගන්වා තිබේ. ඔහු සිය අසුනට පැමිණෙන විට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අතට අත දී සුබ පැතුම් එක් කළේය.

 



Recommended Articles