ධනුෂ්කගෙන් තවත් ඇප අයදුමක්


කාන්තාවකට ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන දැනට රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක රඳවා සිටින ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තවත් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් ඔස්ට්‍රේලිනු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ඇප අයදුම ඉදිරිපත් කිරීමට නියමිතය. එහි විභාගය දෙසැම්බර් මාසයේදී සිදු කෙරුණු ඇතැයි සඳහන් වෙයි.

අතවරයට ලක්වූ බව කියන කාන්තාව කළ පැමිණිල්ලක් අනුව ධනුෂ්ක පසුගිය 06 දා ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්විය. 



Recommended Articles