දෛනිකව PCR පරික්ෂණ 20,000 දක්වා වැඩි කිරිමට පියවර


දෛනිකව සිදු කරන පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව විසිදහසක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව තවත් රජයේ රෝහල් කිහිපයක පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. 

මේ අතර, ඊයේ දිනයේදී පමණක් පී සී ආර් පරීක්ෂණ 14,125 ක් මෙරටදී සිදු කර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 



Recommended Articles