දෛනික කෝවිඩ් රෝගීන් ගණන ඉහළට


මෙරට තුළින් දෛනිකව වාර්තා වන කෝවිඩ්-19 රෝගීන්  ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර, මෑත කාලය ආසන්න වන තෙක් දෛනිකව වාර්තා වූ රෝගීන් 500කට අඩු ප්‍රමාණය මේ වනවිට පන්සියය ඉක්මවා  යමින් තිබේ.

මේ අනුව පෙරේදා (05දා) දිනයේදී රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ 3721ක් හා පීසීආර් පරීක්ෂණ 7852ක් සිදුකර තිබෙන අතර, එදින රෝගීන් 550 දෙනෙකු වාර්තා වී ඇත.

පසුගිය 04 වැනිදා රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ 3670ක් සහ පීසීආර් පරීක්ෂණ 6638ක් සිදුකර තිබෙන අතර, එදින රෝගීන් 629ක් වාර්තා වී තිබේ. එමෙන්ම පසුගිය 03 වැනිදා රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ 2050ක්ද, පීසීආර්  පරීක්ෂණ 6652ක්ද සිදුකර තිබෙන අතර එදින රෝගීන් 365 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ අතර පසුගිය 02 වැනිදා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1892ක් සහ පීසීආර් පරීක්ෂණ 6256ක් සිදුකර තිබෙන අතර එදින රෝගීන් 339 දෙනෙකු වාර්තා වී තිබිණි. පසුගිය 01 වැනිදා රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ 3956ක් සහ පීසීආර්  පරීක්ෂණ 8744ක් සිදුකර තිබෙන අතර එදින රෝගීන් 351 දෙනෙකු වාර්තා වී තිබිණි.



Recommended Articles