දේශීය සහල් වෙළඳපොලට එද්දී ආනයනික සහල් බද්ද රුපියලක් දක්වා අඩු කරයි


ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා රුපියලක් දක්වා ද, ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් මස 30 දක්වා රුපියල් 10 ක් දක්වා ද අඩු කර තිබේ.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට සහල් සහ ලූණු මිලදී ගැනීමේ අවස්ථාව දීමට සහ එම ඵම භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොල තුළ පවත්වා ගැනීම මෙම බදු අඩු කිරීමේ අරමුණ වෙයි.

 



Recommended Articles