දේශීය එළවළු හා පලතුරු තොගයක් මත්තලින් ඕමානයට


දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ හරහා ආරම්භ කර තිබේ.

ඒ අනුව ප්‍රථම දේශීය එළවළු හා පලතුරු තොගය රැගත් ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළේ සිට අද (16දා) අලුයම 12.30ට ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බව මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය මහතා පැවසීය.

කිලෝ 3371ක් වූ මෙරට වගා කළ එළවළු හා පලතුරු සලාම් එයාර් ගුවන් සේවයට අයත් OV 1432 දරණ ගුවන් යානයෙන් මෙලෙස ඕමාන් රාජ්‍ය කරා රැගෙන යාම සිදුකෙරුණි.

සූරියවැව ණුවන් ජයසේකර

 



Recommended Articles