දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයින්ගේ පැමිණිම තාවකාලිකව නවත්වයි


රටේ පවතින වර්තමාන Covid - 19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අද (07)  දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

එසේ වුවද මහජනතාවට අවශ්‍ය වන සියලුම බදු සේවාවක් ලබා ගැනීම සඳහා සියලුම සේවා මාර්ගගත ක්‍රමය ඔස්සේ (e - service) ලබාගත හැක.  

එම පහසුකම් ලබාගැනීම සම්බන්ධ සියලු විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය (www.ird.gov.lk)  ඔස්සේ  සහ 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබා ගත හැක.



Recommended Articles