දේශීය ආදායම් කොමසාරිස් ධුරයට එස්. හපුආරච්චි මහතා


දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ දේශීය ආදායම් නිලධාරියෙක් වන එස්. හපුආරච්චි මහතා පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මීට අමතරව රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ශ්‍රී ලකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන සී. නෝනිස් මහතා පත්කර තිබේ.

මීට අමරතව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඒ. සද්කුමාර මහතා පත්කර තිබේ.

තොරතුරු තාක්ෂණ  කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ධුරය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ජූඩි නිලුක්ෂාන් මහතා පත්කර තිබේ

 

 

 



Recommended Articles