දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ අගරු චෙක් වටිනාකම කෝටි 24යි


2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

කඩිනමින් එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැන්වීය.

කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670ක් අයකර ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන  විට නඩු පවරා ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.

මේ අතර 2010 අංක 16 දරන ගෙවීම් පැහැර හරින ලද බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව 2020 දෙසැම්බර් 31 වැනි දිනට ලබා දී ඇති හිඟ බදු විස්තරය අනුව අය කල හැකි හිඟ බදු මුදල රුපියල් කෝටි 14,450 ක්  පමණ ( රු.144,537,364,916 ) වූ බවද කාරක සභාවේදී හෙළිවිය.

මෙම කරුණු හෙළිවූයේ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.



Recommended Articles