දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර 2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පැනවිමක් සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඊට අදාළ අවසන් දිනය මේ මස 30 වැනිදා වුවද දැනට පවතින තත්ත්වය මත බදු ගෙවන්නන්ට සහ ගණකාධිකාරිවරුන්ට එම දිනය වන විට අදායම් වාර්තා ගොනු කිරිමට අපහසු විම හේතුවෙන් ඉහත දිනය ලබා දි තිබේ.



Recommended Articles