දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල්දෙයි


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අරගල භුමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස යොමුකර ඇති ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවු වීය.



Recommended Articles