දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ යෝජනාව සම්මතයි


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණ අතර ඒ අනුව එම යෝජනාව තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් සම්මත විය. විරුද්ධව කිසිම ඡන්දයක් නොලැබුණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පැවැතුණි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය. 

 



Recommended Articles