දේශබන්දු තෙන්නකෝන් 19 දා පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවට කැඳවයි


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මැයි මස 19 වැනිදා ‘පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව’ හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව විසින් දැනුම්දී තිබේ.

මෙම කමිටුව මේ වන විට දින කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර ඒ අනුව ඉදිරි විමර්ශන වෙනුවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙසේ විමර්ශන කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස කමිටුව විසින් පළමුවරට දැනුම්දී ඇත. 



Recommended Articles