දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුවේ සහායට පොලිස් විමර්ශන කණ්ඩායම නම් කරයි


පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතුවලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද ඉල්ලීම මත අදාළ විමර්ශන කණ්ඩායම නම් කොට එවා තිබුණි.

මෙම කමිටුව ඊයේ (28) පාර්ලිමේන්තුවේදී තෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මෙම නම් කර එවූ පොලිස් විමර්ශන කණ්ඩායමේද සහය ඇතිව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරිණි.



Recommended Articles