ආණ්ඩුවට සම්බන්ධ ප්‍රා දේශීය හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ නිවාස බොහෝමයකට මේ වන විට විරෝධතාකරුවන් පහරදි අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වෙයි.
මේ අතර මොරටුව නගරාධිපතිවරයාගේ නිවස, කුරුණෑගල නගරාධිපතිවරයාගේ නිවස, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාගේ නිවස, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවස ඇතුළු නිවාස රාශියකට දැඩි අලාභ හානි සිදුව තිබේ.
අද පෙරවරුවේ ගෝල්ෆේස් පිටියේ පැවිත ගෝඨාගෝගමට පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිටි අතර ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබේ.