දේවස්ථාන පරිශ්‍රයේ අත්බෝම්බයක්


වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත්‍ බෝම්බයක් හමු වූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සේවකයන් තිදෙනෙකු පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් අනුව පොලිසිය මගින් එම බෝම්බය සොයා ගෙන ඇත්තේ දේවස්ථානයේ සුරුවමක් අසල තිබියදීය.පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් එම බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගන්නා ලදී.බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඒ.ජේ.එම්.ආර්.සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

 

 

 



Recommended Articles