දේවගැති ජෙරොම්ගේ බිරිඳ හා දරුවන් ලංකාවට


බුදුන් වහන්සේ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දූ දරුවන් පිරිස ඉකුත් 06/02 දින රාත්‍රී සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය .

ජෙරොම් ප්‍රනාන්දු සමග ඔහුගේ බිරිඳ , දූ දරුවන්  ඇතුළු 12 දෙනෙකුගෙන් යුතු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .

ජෙරොම් ප්‍රනාන්දු පිළිබඳව ගුවන් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔහුගේ බිරිඳ ඇතුළු අනෙක් පිරිස මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

 මෙම පිරිස 06/02 දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට , සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි .



Recommended Articles