දේපළ හානි පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ කාලය දිගු කරයි


මේ වසරේ මාර්තු 31 දින සිට මැයි 15දා තෙක් දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපල හානියට පත්වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ.

වන්දි ගෙවීමේ ප්‍රමාණය තක්සේරු කිරීම හා සුදුසු පුද්ගලයන්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය තිරණය කිරීම පිණිස ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතා වමින් පරික්ෂණ කොමිෂන් සභාවක්ද පත්කර තිබේ.

මෙම කොමිෂම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදුන් අවසන් දිනය වන්නේ එළැඹෙන 08 දායි. කෙසේ වෙතත් එම කාලය එළැඹෙන 22 දා තෙක් දිර්ඝ කිරිමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.



Recommended Articles