2025.07.18 වන දින දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු 2025.07.25 වන දින අළුයම් කාලයේ කහතුඩුව, පාලගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදිමෙන් මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 41 ක් වූ කවුඩාන, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය වෑතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.
කහතුඩුව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුර එක්ව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.