දෙහිවල වෙඩි තැබීමක්


අද උදෑසන කාලයේ දෙහිවල පොලිස් වසමේ දුම්රිය පොළ ප්‍ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ  පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

තුවාල කරු අවුරුදු 46ක් වන වැල්ලවත්ත පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර තිබේ. වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව පොලීසිය කියයි. දෙහිවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Recommended Articles