දෙහිවල මැකෝ ගිරවෙක් අතුරුදන්


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල්පන්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු ඉකුත් 4 වෙනි දින රාත්‍රී සොරකම් කර ඇති බවට  සත්වෝද්‍යාන ආරක්‍ෂක නිලධාරීයකු විසින්  පැමිණිල්ලක් කර ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය. .

මෙම කූඩුව තුළ  නිල් කහ මැකෝ ගිරවුන් 30 ක් රඳවා සිට ඇති අතර ,   කූඩුව භාරකරු උදෑසන රාජකාරිය සදහා යතුරු රැගෙන විත් බැලීමේදී එහි ආරක්‍ෂාව සදහා දමා තිබූ ඉබ්බා කඩා තිබීම හේතුවෙන් සියලු ඉහල නිලධාරීන් දැනුවත් ඇත. අනතුරුව  පරික්ෂාකර ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත. 

සත්වෝද්‍යානයේ කිසියම් සත්වයකු අතුරුදන් වීමක් හෝ සොරකම් කිරීමක් සිදු වුවහොත් පොලිසියට පැමිණිලි  කිරීම සත්ව අංශභාර නිලධාරීයකු හෝ ඉහල නිලධාරීයකු සතු වගකීමක් වුවද , මෙම ගිරවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාව විසින්‌  සතුන් පිලිබදව අවබෝධයක් නොමැති ආරක්‍ෂක නිලධාරීයකු යොමු කිරීම විමතියට කරුණක් බව සේවකයෝ ප්‍රකාශ කරති .

මේ පිලිබදව සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගෙන් කල විමසීමේදී , " නිල් කහ මැකෝ ගිරවෙකු "  සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඒ පිළිබඳව සිදුකල විමර්ශනයට අනුව කූඩුවේ හිටිය ගිරවෙකු අඩුවී ඇති බවත්, එම කූඩුවේ ඉබ්බා කඩා දමා ඇති බවත් නිරීක්ෂණය වීමෙන් අනතුරුව . මේ පිලිබදව දෙහිවල පොලිසියට පැමිණිලි කරල තියෙනවා .ඒ අනුව  පොලීස්  නිලධාරීන්ගේ විමර්ශණ කටයුතු වලට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනව.

දෙහිවල- එච්.එම්.ධර්මපාල 



Recommended Articles