2026.09.17 දින රිදීමාලියද්ද, දෙහිවල හා බොරැලැස්ගමුව පොලිස් වසම්වලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදුකල ප්‍රධාන සැකකරු හා ඊට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 39, 30 හා 23 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී රිදීමාලියද්ද පොලිස් වසමේදී අත්අඩංගුවට ගන්නා ලද මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු 2026.08.01 දින ගල්කිස්ස පොලිස් වසමේ කඳවලපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන්ද කටයුතු කරන ලද සැකකරුවෙකු බවටද විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇත.
විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධයන් සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

