දෙසැම්බරයේ සංචාරක පැමිණීම 90000 ඉක්මවයි


මේ වසරේ දෙසැම්බර් මාසයේදි ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 91961ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එය නොවැම්බර් මාසය හා සැසදීමේදී සියයට 53.8ක වර්ධනයකි. මෙම සංචාරකයන් පිරිසත් සමගින් මේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 719 978ක් බවට පත්විය.

මේ අතරින් වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය සමස්ත සංචාරක පැමිණිම්වලින් සියයට 17ක අගයකි.

 



Recommended Articles