දෙවැනි LNG බලාගාරයට කැබිනට් අනුමැතිය


ශ්‍රී ලංකාවේ දෙවැනි එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබේ.

කෙරවලපිටියේදී ඉදිකිරීමට නියමිත මෙම බලාගාරය මගින් මෙගාවොට් 300ක විදුලි උත්පාදනයක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව එහි ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙකක කාලය තුළදී නිම කිරීමට රජය අපේක්ෂා කරයි.

මීට අමතරව ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙත සූර්ය පැනල කට්ටලයක් නොමිලේ ලබාදීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

එසේම රජයේ ප්‍රධාන කාර්යාලවල වහල මත සූර්ය පැනල ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.



Recommended Articles