දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේලා කටුනායකට වඩමවති


ඉන්දියාවේ " දෙව්නි මෝරි ''  ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා , ශ්‍රී ලංකාවේ සතියක කාළයක් ප්‍රදර්ශනය කිරීම සදහා , ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් 02/04 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය .

 මෙම ධාතූන් වහන්සේලා 02/04 දින පස්වරු 01.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොළේ සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 246 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .

එම ගුවන් යානයෙන් පිටතට ගත් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා , රතු පළස මත එළන ලද සුදු පාවාඩ මතින් , කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ ඉදිකළ විශේෂ පීඨිකාව මත හිදුවා ශ්‍රී ලාංකික සහ ඉන්දීය භික්ෂුන් වහන්සේලා විසින් සෙත් පිරිත් සජ්ජායනය සිදු කළහ .

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා 1960 දශකයේ දී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ , ඓතිහාසික " දෙව්නි මෝරි " කැනීම් භූමියෙන් සොයා ගෙන ඇති අතර , ඒවා මෙතෙක් ඉන්දියාවෙන් පිටතට රැගෙන ගොස් නොතිබුණි .

මෙම අවස්ථාවට බුද්ධ ශාසන , ආගමික කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය  හිනිදුම සුනිල් සෙනෙවි , රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පළාත් පාළන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න , ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්වරයා , සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ සරණංකර හිමි ඇතුළු ශ්‍රී ලාංකික සහ ඉන්දීය භික්ෂුන් වහන්සේලා පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 



Recommended Articles