දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ලබන 14 වනදා වැඩ අරඹයි


දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි වැඩ කටයුතු මාර්තු 14 වනදා සිට ආරම්භ කෙරෙන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

මෙම දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ද පළමු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ස්ථාපනය කර ඇති පරිශ්‍රයේම පිහිටුවීමට නියමිත බව සඳහන්ය.

බරපතළ වංචා,දුෂණ පිළිබඳව නඩු කඩිනම් කිරිමේ අරමුණින් මෙම විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවිමට 2018 අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එහි පළමු අධිකරණය පසුගිය 21 වන දින ආරම්භ විය.

 

  



Recommended Articles