දෙමහල් නිවසකින් මත්කුඩු හා ආයුධ රැසක් සොයාගනියි


මතුගම යටදොලවත්ත රන්දිල වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබියදී රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිසිය සොයා ගත්තා.

ආයුධ රැසක් ද එහි තිබී පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

මේ අතර මින්නේරිය ප්‍රදේශයේ ඒ ටී එම් යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සීසිටිවි දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 



Recommended Articles