දෙමටගොඩ පොලිස් වසමේදි පසුගිය 13දා පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම සැකකරුවන් අද අලුයම් කාලයේදී දෙමටගොඩදීම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 17 ත් 21ත් අතර වයස්වල පසුවන බොරැල්ල හා දෙමටගොඩ ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි. දෙමටගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.